Bbit
How to root an Android device from Kingo


How to root an Android device from Kingo


ඔබ මේ වන විටත් Android Root කිරීම කියන දේ ගැන හොඳින් දන්නවා යැයි අපි විශ්වාස කරන්නෙමු.
ඔබ ඒ පිළිබඳව දැනුවත්ව නොමැතිනම් මෙමඟින් Root කිරීම ගැන වැඩි විස්තර දැනගන්න.

පියවර 1 : Kingo Android Root මෘදුකාංගය බාගත කරගන්න.


පියවර 2 : 
  • ඔබගේ Android දුරකතනයේ Version එක 4.0 හෝ 4.1 නම්, Settings වෙත ගොස් එහි පහල ඇති Developer options යන මෙනුව වෙත යන්න.  පසුව එය On කරන්න.


  • ඔබගේ දුරකථනයේ Version එක 4.2 නම්, About Phone වෙත ගොස් Developer options යන මෙනුව වෙත යන්න.  පසුව එය On කරන්න.


  • ඔබගේ දුරකථනයේ Version එක 4.3 හෝ ඊට පසු නම්, About Phone වෙත ගොස් පහල ඇති Build Number යන මෙනුව 7 වතාවක් Touch කරන්න. 

  • එවිට ඔබට "You are now a developer!" යන්න කුඩා විධානයක් දැකගත හැක.


පියවර 3 :

  • ඔබගේ පරිගණකයට KingoRoot for Windows මෘදුකාංගය බාගත කරගන්න.
  • එය Install කිරීමෙන් අනතුරුව ඔබගේ Android දුරකථනය පරිගණකයට USB Cable එකක් මඟින් සම්බන්ධ සම්බන්ධ කරගන්න. 
  • Kingo Root මෘදුකාංගය Open කල පසු එහි ඔබගේ දුරකතනයේ සියලුම විස්තර ඇතුලත් කුඩා ගොනුවක් දැකගත හැක. 
  • එහි පහල කෙලවරේ ඇති Root යන බොත්තම ඔබා ඔබගේ දුරකථනය Root වන තෙක් රැඳී සිටින්න. 

සැ.යු
මෙම ක්‍රියාවලිය අතරතුර ඔබගේ දුරකථනය විටින් විට Restart වියහැකි බැවින් කිසිවක් නොකරන්න.



ගැටළුවක් ඇතොත් පහතින් Comment කරන්න.
Comment :